පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ස්ථානය අවට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ FCID ගොඩනැගිල්ල ඉදිරියේ පිරිසක් රැස්වෙමින් ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් ඒ අසළ සිටින බවයි වාර්තා වෙන්නේ.
විමල් වීරවංශ අත්අංඩංගුවට ගැනුනේ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි.