අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුව ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා එළෙස බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ නියෝගය නිකුත් කළා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ අද පස්වරුවේයි.
එ් රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි.
පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම හා ආධාර අනුබල දීම ආදී චෝදනා ඔහුට එල්ල වී ඇති බවයි.