හම්බන්තොට ඉකුත්දා ඇති වූ සිද්ධිය පිළිබඳ කණගාටුවට පත්වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණ පවසනවා.
එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර පැවසුවේ හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් නොමැතිවීම මීට හේතුවක් වූ බවයි.
කෙසේවෙතත් සිවුරට අත තබනවාට තමන්ද අකමැති බවත් මෙහිදී සඳහන් කෙරුණා.
ජනතාවට පීඩාවක් සිදුවෙන ආකාරයෙන් ආයෝජකයන්ට ඉඩකඩම් ලබා දීමට තමන් කිසිවිටෙකත් කටයුතු නොකරන බව මෙහිදී ජනාධිපතිවරයාද පෙන්වා දුන් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තැබීමේ උත්සවයට ජනාධිපතිවරයා සහභාගී නොවීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
එහිදී “නැහැ අපිට ආරාධනා කරලා තිබුණේ නැහැ. ජනාධිපතිතුමාත් ඒකට සහභාගි වෙන්නෙ නැහැනේ. එතුමා කලින්ම තීරණය කරනවා එතුමා යන්නෙ මොනාටද නොයන්නෙ මොනාටද කියලා. මේක රටේ ආයෝජන පිළිබඳ වැදගත් කාරණයක් වුණාට සියලුම කටයුතුවලට ජනාධිපතිතුමා යායුතුයි කියලම නෑනේ. ජනාධිපතිතුමා ඒ උත්සවයට යන්නෙ නැහැ කියලා කලින්ම කියලා තිබුණේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ උත්සවය පවත්වන්න තීරණය කරලා තිබුණෙ නැහැ.” යනුවෙන්ද පැවසුවා.