හම්බන්තොටදී ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට සම්බන්ධ නොමැති පුද්ගලයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ පවසනවා.
මෙහිදි අත්අඩංගුවට පත්වූ ඇතැමුන් උසස්පෙළ ලකුණු පරීක්ෂා කිරීමට පැමිණෙමින් සිටි අය බවත්, ඇතැමුන් රාජකාරි නිමාවී නිවෙස් බලා පැමිණෙමින් සිටි අය බවත් ඔහු පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවට ගෙන රකෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ සුවදුක් විමසීමට තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.