Monday, December 23, 2024

General line - 0115112241

“දැඩි විඩාව නිසා සාධාරණය අපේක්ෂා කළ නොහැකියි”




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නඩුව යළි විභාගයට ගන්නැයි ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද (11) පෙත්සමක් ගොනු කළා.

නීතිපතිවරයා එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම නඩුව විභාග කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවෙන් සෑහීමට පත්විය නොහැකි බවයි.

ජූරි සභාවක් හමුවේ නඩුව විභාගයට ගැනුණු අතර නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තුන් දෙනෙකු ඇතුළු චූදිතයින්
5 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එහිදී නියෝග කෙරුණා.

කෙසේ වෙතත් මෙම නඩුව මධ්‍යම රාත‍්‍රිය දක්වා ද විභාගය ගැනුණු බවත් ඒ වන විට ජූරි සභිකයින් සිටියේ දැඩි සේ විඩාපත්ව බවත් එවැනි තත්ත්වයකදී සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් නීතිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

තවද මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාව වෙනුවෙන් සිදුකළ යුතු දේශනයේ අඩු ලුහුඬුකම් ද පවතින බවයි නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ.