Friday, October 18, 2024

General line - 0115112241

තැපෑලෙන් එන මත්ද්‍රව්‍ය ගැන අවධානයෙන්




තැපෑලෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රේගුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ විදේශයකින් එවා තිබූ පාර්සලයක තිබී හෂීස් මත්කුඩු ග‍්‍රෑම් 84 ක් සහ කංසා මල් ග‍්‍රෑම් 1358 ක් සෙයාාගත් බවයි.

මධ්‍යම තැපැල් හුවමාරුවේදී කෙරුණු පරීක්ෂාවකදී එම මත්ද්‍රව්‍ය සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

අදාළ පාර්සලය ස්පාඤ්ඤයේ සිට එවා තිබුණු බව මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා. සොයාගත් මත්ද්‍රව්‍ය රාත‍්‍රී සමාජ ශාලාවල සුලභව භාවිත කරන ඒවායි.

කංසා මල් ග‍්‍රෑම් එකක් රුපියල් හයදහසත් අටදහසත් අතර මිලකට ද හෂීස් මත්කුඩු ග‍්‍රෑම් එකක් රුපියල් දහ අටදහසත් විසි දහසත් අතර මිලකට ද ශ‍්‍රී ලංකාව තුළ  අලෙවි වනවා.