Friday, October 18, 2024

General line - 0115112241

රථ ගාලේ මුර කුටියේ ලිපිනවලින් රාජකීය විදුහලට ළමයි දාන හැටි




කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

සිසුන් ඇතුළත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි නිසා ඇතුළත් කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් පැවැත්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සිසුන් 31 ක්ම ඇතුළත් කර ඇත්තේ වංචනික ලෙසින් බව හෙළිවී ඇතැයි ද ඔහු එහිදී කියා සිටියා.

මුරකුටි, රථ ගාල්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඉදිවෙමින් පවතින ගොඩනැගිලිවල ලිපින ද යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ