හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු නතර කිරීම සදහා විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් පවතින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
තායිලන්තයේ ඉදිවන ඇල මාර්ගයෙහි ඉදි කිරීම් අවසන් වූවායින් පසුව මෙම කලාපයේ ඇති ප්‍රධානම රටකට සිය ව්‍යාපාර තත්වය අඩුවන් බවත්, හම්බන්තොට වරායට පැමිණියොත් එම රටට යන නැව්වලට දින 5ක වැනි කාලයක් ඉතිරි වන බවත් අමාත්‍යවරයා කීය.මේ නිසා මෙය ඔවුන්ගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් විය හැකි බවද ඔහු පැවසීය.
හම්බන්තොට වරායේ ආයෝජනයට සුදුසු කණ්ඩායම තීරණය කරනු ලැබූයේ අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ කමිටුවකින් බව අමාත්‍යවරයා වැඩිදුරැටත් සඳහන් කළේය.
අර්ජුනණ රණතුංග අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බදුරාගොඩ ශෛලතලාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්.