Monday, December 23, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ දෙවන සටන නුගේගොඩින් ඇරඹෙයි




යහපාලන ආණ්ඩුව දිගින් දිගටම ගෙන යන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව ජන රැළි මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.

ජීවන බර, පළාත් පාලන මැතිවරණය කල්දැමීම, දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම, රාජ්‍ය දේපළ විකිණීම වැනි කාරණා මුල්කොටගෙන මෙම ජනරැළි මාලාව පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය.

එමෙන්ම මෙම ජන රැළි මාලාව දෙවන සටන නමින් ජනවාරි 27දා නුගේගොඩින් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

දෙවන සටන ජන රැළි මාලාව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරිණ.