මෙරට ප්‍රවාහන සේවය චීනය හෝ අමෙරිකාවට විකුණා දැමීමේ සූදානමක් ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනය පවසනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන සදහන් කළේ ඊට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ගැනීමට තම සංගමය සූදානම් බවයි.
ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් කොළඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉදිරිපිටදී අද උදෑසන විරෝධතාවක නිරත වුණා.
ඒ, සිය රැකියාව සුරක්ෂිත කරන ලෙස රජයට බලකරමින්.