Friday, October 18, 2024

General line - 0115112241

කදුකරයේ ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට




මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස තිඛෙනවා.

ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියොන්, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාරවලට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 දක්වා බැස ඇති බවයි විදුලි බල මණ්ඩලය සදහන් කළේ.

ජල මට්ටම පහත බැසීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයට යට වූ නටඹුන් ද යළි මතු වී තිඛෙනවා.

මස්කෙළිය පැරණි නගරයේ තිබූ ජලාශයට යට වූ පන්සලක්, හින්දු කෝවිලක්, ඉස්ලාම් පල්ලියක් සහ පාලමක නටඹුන් ද ඒ අතර වනවා.