Friday, October 18, 2024

General line - 0115112241

සරසවි සිසුන් මියයාමේ සිද්ධියට පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්




යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ඉකුත් වසරේ ඔක්තෝබර් 21 වනදා කන්කසන්තුරේ ප‍්‍රදේශයේ දී මියගිය සිසුන් දෙදෙනා ගමන්ගත් ගයතුරුපැදියක් අනතුරට ලක්ව ඔවුන් මියගොස් තිබුණා.

එලෙස මියගිය එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි ප‍්‍රහාර කිහිපයක් තිබීම හේතුවෙන් අදාළ අවස්ථාවේ එම ප‍්‍රදේශයේ රාජකාරියේ නිරත මෙම පොලිස් නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගැණුනා.