Friday, October 18, 2024

General line - 0115112241

මධ්‍යම පළාතට නල ජලය සැපයීමේ ගැටලුවක්




පවතින නියඟය හේතුවෙන් මධ්‍යම පළාතේ ජල මූලාශ‍්‍ර සිඳී යාමත් සමග එම පළාතට අඛණ්ඩව පානීය නල ජලය බෙදාහැරීම අපහසු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.පී.ආර්.ඒ. සමරසිංහ මේ බව කියා සිටියේ මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අද (13) පැවති රැස්වීමකදීයි.

තවදුරටත් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතියහොත් මධ්‍යම පළාතේ නල ජල සැපයුම අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වන බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.

ඉදිරියේදී ජල සැපයුම අත්හිටුවීමට සිදුවුවහොත් එම කාලයන් හිදී බවුසර් මගින් පානීය ජලය බෙදාහැරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.