Friday, October 18, 2024

General line - 0115112241

වෙන වෙනම ආණ්ඩු හැදීම ගැන එස්.බී. කතා කරයි (VIDEO)




එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම ආණ්ඩු පිහිටුවීමට උත්සහා දරමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ සාවද්‍ය බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පළ වන විවිධ අදහස්වලට ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.