Friday, October 18, 2024

General line - 0115112241

ජනතා හිතකාමී පොලිස් සේවයක අවශතාව අගමැති පෙන්වා දෙයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ශ‍්‍රී ලංකා පොලිසියේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ පුහුණු කටයුතු නූතන ක‍්‍රමවේදයට අනුව සංවිධාන කිරීමටත් මහජනතාවට හිතකාමී පොලිස් සේවාවක් රට තුළ බිහිකිරීමේ අවශ්‍යතාවක් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මෙම අවස්ථාවට නීතිය, සාමය හා දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.