මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධණ සහ ප‍්‍රසන්න රණතුංග මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.