ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරනවා. සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.
තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ තිරසර යුගයක් කරා ලෝකය නව ගමන් මගකට ප්‍රවේශ වන මොහොතේ තෛපොංගල් උළෙල අනාදිමත් ඉතිහාසයක් පුරා රැගෙන ආ චිරාත්කාලීන පණිවුඩය වඩ වඩාත් උත්කර්ශ්වත් වනු ඇති බවයි.
කෙත, කමත, සරුසාර වැස්ස ලබාදීමට මුල්වන සූර්යා ප්රමුඛ පරිසරය මෙන්ම ගොවි බිමට සවියත්, ජීවිතයට පස්ගෝ රසත් ලබාදෙන ගව සම්පත විෂයෙහි ද සිය භක්තිය ගෞරවය පිරිනැමීමට දෙමළ ජනතාව තෛපොංගල් දිනය ඉවහල් කරගැනීමෙන් ඔවුන්ගේ කෘතවේදීත්වයේ පුළුල් පරාසය විදහා දැක්වෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සහෝදර දෙමළ ජනතාවටත් රටටත් සතුට පිරිවැරූ තෛපොංගල් උළෙලකට සුභාශිංෂන පිරිනමන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංෂන පණිවුඩයක් නිකුත් කර තිඛෙනවා. පළමු අස්වනු මංගල්‍යය සැමරීමේ අරමුණින් චෝල රජ සමයේ ඇරඹුණු තෛපොංගල් උළෙල දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාවට ආවේණික උත්සවයක් වූ නමුත් මේ වන විට ලොවපුරා වෙසෙන දෙමළ ජනතාව සිය ශක්ති ප්‍රමාණයෙන් සමරන සුවිශේෂ ආගමික සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව ඇති බව එහි දැක්වෙනවා.
සමානාත්මතාවයේ සහ කෘතවේදීත්වයේ අගය කියාපාන තෛපොංගල් උත්සවය සංස්කෘතික ආගමික විවිධත්වය අගයමින් මිනිස් සමාජය තුළ මෙන්ම සමස්ත පරිසරය සමග ද සංහිඳියාවෙන් දිවි ගෙවීමේ වැදගත්කම සිහිගන්වන බවද එම නිවේදනයේ සඳහන්.
වාර්ගික ආගමික සංස්කෘතික භේද ඉක්ම වූ සාමකාමී නිදහස් රටක් ගොඩනැංවීම උදෙසා කැපවීම අප සැමගේ වගකීම බව සිහිපත් කරමින් තෛපොංගල් උත්සවය සමරන දමිල ජනතාවට සාමය සතු පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුභ ප්‍රාර්ථනා කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංෂන පණිවුඩයේ දැක්වෙනවා.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංෂන පණිවුඩයක් නිකුත් කර තිඛෙනවා. අපේක්ෂාවන් බහුල අභියෝගවලින් පිරුණු නව වසරකට අප පා තබා ඇති මෙවන් මොහොතක ශ්‍රී ලංකාවාසී සියලූ ජනතා සිත් තුළ අන්‍යෝන්‍ය අවබෝධය සංහිඳියාව ඇති වී සාමය හා සතුටින් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් හිමි වේවායි තෛපොංගල් දිනයේදී ප්‍රාර්ථනා කරන බව එහි සඳහන්.