Friday, October 18, 2024

General line - 0115112241

‘‘මට තිබෙන දුක මේ දරුවන්ට තේරෙන දේ මේ රටේ මහ මිනිසුන්ට නොතේරෙන එක ගැනයි‘‘




ජාතික සංහිඳියාව සහ සාමය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ පටු දේශපාලන උවමනාවන් මත කටයුතු කරන අවස්ථාවාදී පිරිස් වෙනුවෙන් නොව හෙට උපදින මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික සමගිය හා සංහිඳියාව පිළිබද කාර්යංශය මගින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුවේ සමාප්ති උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

සමගිය සංහිඳියාව ඇති කිරිම සඳහා දරුවන් එහිදී ඉදිරිපත් කළ අංග ජනාධිපතිවරයා විශේෂ ඇගයීමට ලක්කළා.දරුවන් සිය නිර්මාණයන් පිළිබඳව තමාට කරුණු ඉදිරිපත් කළ බවද ඔහු පැවසුවා.‘‘මට තිබෙන කණගාටුව මේ දරුවන්ට  තේරෙන දේ මේ රටේ මහ මිනිසුන්ට නොතේරෙන එක ගැනයි‘‘ යැයිද සඳහන් කළා.

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ ආපසු හැරවීමට අවස්ථාවාදී පිරිස් ගෙන යන උත්සහයන් පිළිබද සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.