Friday, October 18, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක්!




ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා ආණ්ඩුව එකඟ වී ඇති කොන්දේසි මොනවාදැයි රටට හෙළිකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියා සිටියා.

මීළඟ ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශය කළ යුතු බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.