Tuesday, December 24, 2024

General line - 0115112241

උමා ඔයේ ඉදිකෙරුණු උමඟක් යා වෙයි




උමා ඔය ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු උමඟක් කැණීමේ ව්‍යාපෘතියක අන්ත දෙකකින් කැණීම් සිදු කළ කණ්ඩායම් දෙකක් ඊයේ (13) රාත‍්‍රියේ එකිනෙකා මුණගැසී තිබෙනවා.

ඩයබරා ජලාශය සහ පුහුල්පොළ ජලාශය යන දිශා දෙකෙන් කැණීම් කළ උමඟ මෙලෙස යාවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වසර 03ක කාලයක් තිස්සේ උමං මාර්ගය කැණීම සිදු කෙරුණ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කිලෝමීටර් 3 යි දශම නවයක දිගින් යුත් මෙම උමඟේ විෂ්කම්භය මීටර් 3.6ක්.