Tuesday, December 24, 2024

General line - 0115112241

රටේ මානව හිමිකම් ශක්තිමත් – රජයෙන් ජාත්‍යන්තරයට සහතිකයක්




ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ටී‍්‍රෂියා ස්කොට්ලන්ඩ් හමු වූ අවස්ථාවේදීයි. එහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. ‍

ඊට අදාළ දළ යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

නව ව්‍යවස්ථාව සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට හැකි බව මෙහිදී අදහස් දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ටී‍්‍රෂියා ස්කොට්ලන්ඞ් ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. ‍

ශ‍්‍රී ලංකාවේ යුද සමයේ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සත්‍ය සහ ප‍්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

C1-77CzWgAAPCE6 DSC_5723