අද දරුවන්ගේ තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව වඩා දියුණු වෙමින් ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඒ දියුණුව කරා ගමන් කරන ඉදිරි පරම්පරාවට අවශ්‍ය යටිතල පහසුකම් සහ අධ්‍යාපන වෙනස්කම් සකස් කර දීම වර්තමානයේ පිරිසගේ වගකීම බවයි අමාත්‍යවරායා සඳහන් කළේ.
මේ පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ සිය දියණිය නිසා තමන් ලැබූ අත්දැකීමක් ද ගෙනහැර දක්වමින්.
එහිදී ඔහු සඳහන් කළේ “දැන් මගේ පුංචි දියණියක් ඉන්නවා..අවුරුද්දයි මාස 04 යි. එයා මගේ ඕෆ් කරලා තියෙන ෆෝන් එක අරගෙන..ඒක ඔන් කරලා.. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ට්විකල් ට්විංකල් ලිට්ල් ස්ටා ත් දානවා. මාවත් උඩ යනවා දැක්කාම.” යනුවෙනි.
අධ්‍යාපන විෂයමාලාවේ දැවැන්ත වෙනස්කමක් සිදු කිරීමට රජය සූදානම් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.