Tuesday, December 24, 2024

General line - 0115112241

වන අලි ජලය සොයා ගම්වදී




දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වයත් සමග ජලය සහ ආහාර සොයා මේ දිනවල වැඩි වශයෙන් වන අලි ගම් වදින බව වාර්තා වෙනවා.

උතුරු පළාතට එම තර්ජන වැඩි වශයෙන් බලපා ඇති බවයි එම පළාතේ ජනතාව පවසන්නේ.

ඒ හේතුවෙන් ජලය නොමැතිව ඉතා අපහසුවෙන් වගා කර ඇති සිය වගාවන් බේරාගැනීමට නොහැකි තත්වයක් හටගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

වව්නියාව නෙඩුන්කේනි රක්ෂිතයේ සිටි වන අලි ජලය සොයා ඉන් පිටතට පැමිණ සවස් කාලයේ දී මාර්ගය හරහා ගම්මානවලට පැමිණෙන බව ද ප‍්‍රදේශවාසීන් කියා සිටියා.

පවතින තත්වය මත රාත‍්‍රී කාලයේ දී වව්නියාව පුලියන්කුළම සිට නෙඩුන්කේනි දක්වා මාර්ගයේ ගමනාගමන කටයුතු පවා අවදානම් වී තිබෙනවා.