ඉදිරි මැතිවරණයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාරයෙන්ම තනිව තරග කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පාක්ෂිකයින්ගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකර ගැනීම බවයි.
බරපතල මාතෘකා පිළිබඳ මෙන්ම ජනතාවට සමීප මාතෘකා පිළිබඳව ද රජය අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පේරාදෙණියේ පැවති උත්සවයකට එක්වෙමින්.