Tuesday, December 24, 2024

General line - 0115112241

විෂ වායුවක් ආග්‍රහණය වී කාමරයේ සිටි තිදෙනාගෙන් අයෙක් මරුට – අනෙක් දෙදෙනාට අසාධ්‍යයි




නුවරඑළිය සංචාරක නිකේතනයකදී විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

තවත් දෙදෙනෙකු සිහිසුන් තත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හාවාඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතරවී සිටි පිරිසක් අතරින් තුන්දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. රාත්‍රී මස් පිළිස්සීමට යොදාගත් උඳුනක් අධික ශීතල නිසා ඔවුන් නතර වී සිටි කාමරයට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

කාමරයට ගිය ඔවුන් යළිත් නොපැමිණීම හේතුවෙන් නිවාඩු නිකේතනයේ හිමිකරු සිදුකල සොයා බැලීමකදීයි එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනා සිහිසුන්ව සිටියදී හමුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ සංචාරයට පැමිණි පිරිස රැගෙන ආ බසයේ රියදුරායි. අනෙක් දෙදෙනා නුවරඑළිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මීට පෙරද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ යුවලක් මස් පිළිස්සු විෂ ආග්‍රහණය වීමෙන් මියගොස් තිබූ බවත් අප වාර්තාකරු සඳහන් කළා.