මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ පහරදීම්වලට ලක්ව පුද්ගලයින් 4 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටිනවා.
ගලේවෙල නගරයේදී සහ බෙලිගමුව ප්රදේශවලදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
ගලේවෙල නගරයේදී වෙළෙඳසැල් දෙකකින් කප්පම් ලබා ගැනීමට උත්සහා කර වෙළෙඳසැල් හිමියන්ට පහරදීම් සිදුකර තිබෙනවා.
බෙලිගමුව ප්‍රදේශයේදී පහරදීමට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක රියදුරෙක්. කප්පම් ලබා ගැනීමේ අදහසින් එම පහරදීමද සිදුව තිබෙනවා. සැකකරුවන්ගෙන් එක් අයෙකු ‘‘ගංජා යාළු’’ ලෙස අන්වර්ත නාමයකින් ප්‍රසිද්ධව සිටින්නෙක්.
අනෙක් සැකකරු ‘‘කුඩු රුවන් ’’ ලෙස අන්වර්ත නාමයකින් ප්‍රසිද්ධව සිටිනවා. මෙම සැකකරුවන් දෙදෙනාම පොලීසිය මගහැර සිටින බවයි නෙත් නිවුස් වාර්තා පැවසුවේ.