Tuesday, December 24, 2024

General line - 0115112241

විදුලිය පිරිමසාගැනීමට රජයෙන් තීරණයක් – රාජ්‍ය ආයතනවලටත් උපදෙස්




රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත‍්‍ර සෙල්සියස් අංශක 26 මට්ටමේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදීමට බලශක්ති කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.

විදුලිය පිරිමසා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ අද (15) පැවත් වූ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ. පෞද්ගලික ආයතනද ඊට ගැලපෙන පරිදි කටයුතු කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

විදුලිබලාගාර ආශි‍්‍රත ජල මට්ටම මේ වන විට එහි ධාරිතාවෙන් සියයට 34ක් දක්වා අඩු වී ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ අනුව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට තවදුරටත් කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මාස එකහමාරක් තිස්සේ කි‍්‍රයා විරහිත වී තිබූ නොරොච්චෝලේ හි එක් බලාගාරයක් ඊයේ (14) සිට අර්ධ වශයෙන් කි‍්‍රයාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියා. තවත් දිනක් හෝ දෙකක් ඇතුළත එය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීමට හැකිවනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළා.