Tuesday, December 24, 2024

General line - 0115112241

මන්තී‍්‍ර වාසු මරාගෙන මැරෙන සටනක් අරඹයි




ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ඇහැලියගොඩදී අද (15) පැවැත්වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මෙලෙස අදහස් දැක්වූවා.

“අද ජීවන වියදම් බර දරාගත නොහැකි මට්ටමකට වේගයෙන් වැඩිවේගෙන යන බව කාටත පේනවා. රුපියල් 50ට තිබුණු හාල් අද රුපියල් 85, 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩි මිලට පොහොර අරගෙන ගොවිතැන් කරන්න බැරුව අද ගොවිතැන් අත්හැරිලා. සුළු මැණික් වෙළඳාම , පතල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම අද ඇහිරී ගොස් තිබෙනවා. මේවාට මැදිවෙච්ච මේ රටේ ජනතාව අද මේ ආණ්ඩුවත් එක්ක මරාගෙන මැරෙන සටනක් කරන්න සුදානම් වෙමින් තිබෙන මුල් අවස්ථාවක සළකුණ අද මේ ඇහැලියගොඩදි අපි මේ විදිහට ක්‍රියාත්මක කරනවා”.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් මහජන නියෝජිතයන් කිහිපදෙනෙකුද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.