Tuesday, September 17, 2024

General line - 0115112241

මන්නාරමේ හමුදා කඳවුරු ජන ජීවිතයට බාධාවක්ලු




යුද්ධය නිමාවී වසර 7 ක කාලයක් ගතවී ඇතත් මන්නාරම නගරයේ ස්ථාපිත කර ඇති යුද හමුදා කදවුරු ඉවත් නොකිරීම බරපතල ගැටලූවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් පෙන්වා දෙන්නේ මන්නාරම නගරයේ ඇති මෙම හමුදා කදවුරු හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවයි.

ඇතැම් ජනතාවගේ වගා ඉඩම්වලද කදවුරු ස්ථාපිත කර තිබෙනවා. ධීවර ජනතාව මුහුදු යාමට භාවිත කළ වෙරළබඩ සීමාවේ ස්ථාන කිහිපයකද හමුදා කදවුරු ඉදිකර ඇති බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ. එම නිසා අදාළ කදවුරු වහා ඉවත් කළයුතුයි. එසේ නොවන්නේ නම් මන්නාරම දිස්ති‍්‍රක් ජනතාවගේ කෘෂිකාර්මික සහ ධීවර රැකියාවලට බාධා එල්ල වන බව මන්තී‍්‍රවරයා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ තම පක්‍ෂයේ නායක ආර් සම්බන්ධන් සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු අවධාරණය කළේ.