Tuesday, September 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලොව විශාලම වෙළඳපොල 04ක දොර ඇරෙයි…




ලොව විශාලතම වෙළදපොල හතරකට ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන විවර කරලීමට ළගදීම අවස්ථාව උදාවන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ට අද (18) ආරාධනාවක් සිදු කළා. අග‍්‍රාමාත්‍යවරයා මෙම ආරාධනාව සිදුකළේ ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙම ආයෝජන සහ නව වෙළද පොළ අවස්ථාවන් පිළිබදවද වැඩි අවධානයක් යොමුකරන ලෙසයි. මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික‍්‍රමද එක්ව සිටියා. ඔහු පැවසුවේ උදා වූ නව වසර ශී‍්‍ර ලංකාවට තීරණාත්මක වසරක් බවත් මෙරට ආර්ථික සංවර්ධන සැලැස්ම මේ වසරේදී කි‍්‍රයාවට නංවා ඇති බවයි. මෙම පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ තවත් මාස කිහිපයකින් ජී එස් පී ප්ලස් සහනය ලැබීමත් සමග යුරෝපීය වෙළද පොළට ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථාව උදාවන බවයි. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව යන රටවල්ද ශී‍්‍ර ලංකා නිෂ්පාදන සදහා වැඩි ඉඩකඩක් ලබාදෙන බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.