Tuesday, December 24, 2024

General line - 0115112241

අතුරුදන්වූ බව කියන ටෙලිකොම් සේවකයා ඉංගිරියෙන් හමුවේ




අතුරුදන්වූ බව කියන ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ නිලධාරියා ඊයේ රාත්‍රී ඉංගිරිය පොලිසියට පැමිණ තිබෙනවා.

ඔහුව වෑන් රථයකින් ගෙනැවිත් දමා ඇති බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ.

මෙලෙස අතුරුදන්ව සිටියේ එම්.එස්. මංගලයි.

ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කර පසුගියදා සඳහන් කර සිටියේ ඔහු අතුරුදන්ව ඇති බවයි.

කොළඹ කොටුවේ ටෙලිකොම් ආයතනය අසල උපවාසයේ නිරත වූ ඔහු පසුගිය 28 වනදා මධ්‍යම රාත්‍රී නිවසට පැමිණෙන බව කියමින් එම ස්ථානයෙන් ගොස් ඇති බවත් එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැති බවත් බිරිඳ කළ පැමිණිල්ලේ සඳහන් වුණා.