Tuesday, December 24, 2024

General line - 0115112241

ලොතරැයි අද සිට විස්සයි




ලොතරැයි පතක මිළ අද සිට රුපියල් විස්ස දක්වා අඩු කෙරෙනවා.

රුපියල් 30 ක් දක්වා ලොතරැයි පතක මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදුන්නේ පැවති මිළ වන රුපියල් විස්සේ මිළට ලොතරැයි පත් අළෙවි කරන ලෙසයි.

ඒ අනුව මෙම මිළ සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ මෙම මිළ සංශෝධනය මගින් ලොතරැයි අළෙවිය යළි පැවති තත්ත්වයට පත්කර ගැනීමට අපේක්ෂා කරන බවයි.