නියඟයෙන් පිඩාවට පත්ව සිටින ගොවි ජනතාවට සහන සැළසිමේ අරමුණින් ක්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සමග ශ්‍රී ලංකා යුද හමුදාවද එක්ව සිටිනවා.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සිවිල් ආරක්ෂක බලකාය සහ නෙත් නිවුස් යූ ආර් අ ලිඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ වූ පාසල් අතරින් කිහිපයක්ද ඒ සදහා මේ වනවිට එක්ව සිටිනවා.
නියඟය හේතුවෙන් වගා හානි වූ ගොවි ජනතාවට ශක්තියක් වීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇති.
මීට පෙර පැවති නියං කාලගුණ තත්වයන්හීදී ද දිරිය නෙත් වැඩසටහන යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාවට ආධාර උපකාර සිදු කෙරුණා.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සමග අත්වැල් බැඳ ගැනීමට නෙත් එෆ් එම් ශ්‍රාවක ඔබටත් අවස්ථාව උදා කර දි තිඛෙනවා.
ඔබගේ මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ හැකියි. ගිණුම් අංකය 000 460 002 117