වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් අද (01) ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබෙනවා.
වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා පාගමන හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට ද සිදු වුණා.
මෙම විරෝධතාවය හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබුණා.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.