Tuesday, December 24, 2024

General line - 0115112241

ටොප් ටෙන් ලයිස්තුවේ 07 වැන්නා නම් කරයි




ඒකාබද්ධ විපක්ෂය අද (01) සිය ටොප් ටෙන් ලැයිස්තුවේ හත්වැන්නා අනාවරණ කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ටොප් ටෙන් ලැයිස්තුවේ හත් වැන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය අද චෝදනා එල්ල කළේ අමාත්‍ය පී හැරිසන්ටයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ “රුපියල් 50 ට මිනිස්සු වී ඉල්ලනකොට රුපියල් 24 ට සත්ව ආහාර සඳහා ඇමතිවරයා දෙනවා. වී කිලෝ එකකින් රුපියල් 26 කට වැඩි පාඩුවක්..මිලියන තිස්හයදාහක් රජයට පාඩු වෙනවා මේකෙන්.” යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් අමාත්‍ය පි. හැරිසන්ට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කළා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ මෙම චෝදනාවට අමාත්‍ය පි. හැරිසන් අද පිළිතුරු ලබා දුන්නා. ඒ, කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු පැවසුවේ “වී අලෙවි මණ්ඩලයෙන් ශත පහක් අරං තියෙනවයි කියලා ඔප්පු කලොත් ඇමතිකමෙනුයි මන්ත්‍රිකමෙනුයි දෙකෙන්ම අස්වෙනවා. අනෙක් පරීක්ෂණ ඔක්කොම තියලා මේක කඩිනමින් පරීක්ෂා කරන්න..” යනුවෙනි.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ තමන්ට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන පිරිසට එරෙහිව ලබන සතියේදි අධිකරණය හමුවේදි නඩු පවරන බවයි.