සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස ඉදිරියට ගෙන යාම තම රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රට තුළ තහවුරු වි ඇති ප්රජාතන්ත්රවාදය හා නිදහස උපයෝගී කරගනිමින් ඇතැම් පිරිස් රජයට චෝදනා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
කොපමණ චෝදනා එල්ල කළද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙස ඉටු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ, මඩකලපුවේ අද (01) පැවති උත්සවයකට එක් වෙමින්.
රට නොබෙදෙන අයුරින් සංහිඳියාව ශක්තිමත් කර බලය බෙදීම සඳහා රජය කැපවී සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී “විපක්ෂනායක සම්බන්ධන් කිව්වා..රට කඩන්නෙ බෙදන්නෙ නැතිව සංහිඳියාව ශක්තිමත් කරන බලය බෙදීමක අව්‍යශතාවය එතුමා දකින්නේ කියලා. ඉදිරි මාස කිහිපය තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මූලික කටයුතු අවසන් කිරීමටයි අපි සූදානම් වෙන්නේ. අද මේ රටේ පළාත් සභා 09 ක් තියෙනවා. පළාත් සභා බලය පාර්ලිමේන්තුවේ සම්මත කරන වෙලාවේ..පිරිසක් කිව්වා..එක පළාතක ඉඳලා අනෙක් පළාතට යන්න වීසා ගන්න වෙයි කියලා. ඒකාලේ පත්තර හොයලා කියවන්න කියලා මම මේ රටේ ජනතාවට කියනවා. ඒ කාලෙත් පිරිසක් කෑ ගැහුවේ ඔය අද කෑ ගාහනවා වගේ තමයි. “ යනුවෙන් ද සඳහන් කළා.
ඉදිරි වසර 03 තුළ නැගෙනහිර පළාතේ සියලු අඩුපාඩු සම්පූර්ණ විය යුතු බවත් ඒ වෙනුවෙන් පසුගිය සමයට වඩා ප්රමුඛත්වයක් දී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.