Tuesday, December 24, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන අගමැති කතා කරයි




මීළඟ මහ මැතිවරණය තෙක් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම කුරුණෑගල අතර දෙවන අදියරේ කටයුතු ආරම්භ කරමින්.

අළුත් යුගයක් ආරම්භ කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝ මීටර් 39.29 ක දුරකින් යුත් මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 137කට අධිකයි.