ව්‍යවස්ථා සංශෝධනය සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.
උතුරේ වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් ඔවුන් මෙම මුදල් එවා ඇති බවයි ඔහු පවසන්නේ.
බටහිර රටවල පූර්ණ සහයෝගය ද ඊට ලැබී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
එහිදි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “දෙමළ ඩයස්පොරාවේ අද වෙන කොට වාර්ෂික ආදායම ඩොලර් මිලියන 300 ක් කියලා වාර්තා වෙලා තියෙනවා. ඔවුන්ට වෙළඳ සංකීර්ණ, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, සූදු ව්‍යාපාර වැනි දේ තිබෙනවා. ඒවා හරහා ඔවුන් විශාල ආදායමක් ලබනවා. ඒ මුදල් ඔවුන් යොදවනවා..මේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න. ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කිරීමයි ඔවුන්ගේ අවශ්‍යතාවය.” යනුවෙනි.