Monday, December 23, 2024

General line - 0115112241

යාපනයේ කල්ලියකින් තවත් ප්‍රහාරයක්




යාපනය කස්තුරියාවීදිය ප‍්‍රදේශයේදී ඊයේ (01) රාත‍්‍රියේ මැර කල්ලියක් විසින් තවත් ප‍්‍රහාරයක් සිදුකර තිබෙනවා.

යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් එම ප‍්‍රහාරය සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදි දෙකකටද ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම මැර කල්ලිය සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ දැනුවත් කර ඇති අතර පොලිසිය පැමිණීමත් සමග සැකකරුවන් පලාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.