Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍ය සිසුන්ට ඇප




අධිකරණ නියෝග උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන් විසි එක්දෙනා ඊයේ රාත්‍රියේ ඇපමත මුදාහැර තිඛෙනවා.

ඒ, එම සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ කොළඹදී විරෝධතා පා ගමනක නිරත වුණා.

ඒ, එම විරෝධතා පා ගමන වළක්වාලමින් කොටුව පොලිසිය අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදීයි.

විරෝධතා පා ගමනේ නිරත වූ සිසුන් පොලිස් මාර්ග බාධක බිඳ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේ දී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කළා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අද දිනයේ පැය 4 ක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.