Friday, September 20, 2024

General line - 0115112241

තොරතුරු දැන ගැනීමේ පනත අද සිට බලාත්මකයි




තොරතුරු දැන ගැනීමේ පනත අද (3) සිට බලාත්මක වනවා.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද කළමණාකාරිණි සංකිතා ගුණරත්න සඳහන් කළේ මෙරට ඕනෑම පුරවැසියෙකුට මෙම අයිතිය හිමිවන බවයි.

සියලුම ආණ්ඩුවේ අමාත්‍යාංශ, පළාත් සභා යටතේ පවතින මණ්ඩල හා කාර්යාල, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවකට 25%කට වැඩි කොටස් හිමි සමාගම්, පළාත් පාලන ආයතන, ආණ්ඩුවේ නියෝජිතායතන, පළාත් පාලන ආයතන කොන්ත්‍රාත් හෝ හවුල් ව්‍යාපාර හෝ ගිවිසුම් හෝ බලපත්‍ර යටතේ පොදු කටයුතු ඉටුකරන පෞද්ගලික හිමිකාරිත්වයක් හෝ සංවිධානයක්, පළාත් සභාවක් පිහිටවූ ඕනෑම දෙපාර්තමේන්තුවක් හෝ අධිකාරියක් හෝ ආයතනයක්, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල, රජයේ පූර්ණ හෝ අර්ධ වශයෙන් මුල්‍යාධාර සපයන වෘත්තිය හා උසස් අධ්‍යාපන, කාර්මික, පුද්ගලික අධ්‍යාපන ආයතන, අධිකරණ, විනිශ්චය අධිකරණ  යන  සියල්ල සඳහා මෙම තොරතුරු දැනගැනීමේ පනත බලපැවැත්වෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවා.