හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගේ බෑණා වන උපුල් චමින්ද කුමාරසිංහ ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (3) නියෝග කළා.
ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ මීගමු කලපු සංවර්ධන වැඩසටහනට ලබාදුන් රුපියල් මිලියන 12 ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් විසි පන් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලකෂ 10 ක් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසයි.
මෙම චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නද මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුගිය නඩු වාරයේදී ඇප මත මුදා හැරුණා.