රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන් කෙරුණා.
පෙරවරු 8 ට ආරම්භ කෙරුණු වැඩවර්ජනය දහවල් 12 දක්වා පැවතීම හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතු අඩාල වූ බවයි එම සංමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා.
මේ හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවන්ට මුහුණ දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.