මොරගහකන්ද ජලාශයේ අක්කර අඩි පනස් හයදහසක් පමණ මේ වනවිට ජලයෙන් පිරී ඇතැයි ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් පවසනවා.
එම ජල ධාරිතාවය සමස්ත ජලාශයේ ධාරිතාවෙන් අටෙන් එකක් පමණ වන බවයි අනාවරණ වුණේ.
මෙම වසර අග භාගය වනවිට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවීමටයි සැලසුම් කර ඇත්තේ.
මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමෙන් පසු එහි තත්ත්වය නිරීක්‌ෂණය කිරීමට නෙත් නිවුස් අදාළ ප්‍රදේශවල සිදුකළ සංචාරයකදී මෙම තොරතුරු අනාවරණ වුණා.
මේ අතර ජලාශයට යටවන බිම් ප්‍රදේශවල සිිටින සතුන් ආරක්ෂිත ස්ථානවලට මුදාහැරීම සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.
මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ පරිසර ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි නන්දසේන නෙත් නිවුස් වෙත කියා සිටියේ රුපියල් මිලියන දහසකට අධික මුදලක් ඒ සදහා වෙන්කර ඇති බවයි.