ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේදී දහම් අධ්‍යාපනයට ප‍්‍රමුඛත්වයක් හිමිවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව පැවසුුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද පැවති සර්ව ආගමික දහම් පාසල් කථිකාවට එක් වෙමින්. කුමන ජාතියකට හෝ කුමන ආගමකට අයත් වුවද දරුවන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කිරීමට දහම් අධ්‍යාපනයෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.