Monday, December 23, 2024

General line - 0115112241

තොරතුරු දැනගැනීමේ අයිතිය පනත අද සිට බලාත්මකයි




තොරතුරු දැනගැනීමේ අයිතිය පනත අද සිට බලාත්මක වනවා. වත්මන් තොරතුරු පමණක් නොව ගත වූ වසර 10ක් තුළ ඕනෑම තොරතුරක් රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටීමට මේ අනුව මහජනතාවට අයිතිය හිමිවන බවයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ කියා සිටියේ.

කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ අසීමිත අයිතියක් මෙම පනතෙන් මහජනතාවට හිමි වන්නේ නැහැ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට රාජ්‍ය නිලධාරින් බැඳ නොසිටින බවයි ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසූවේ.

තොරතුරු දැනගැනිමේ අයිතිය පනත බලාත්මක කෙරෙන අද දිනය, එනම් පෙබරවාරි මස 03 වනදා මින් ඉදිරියට තොරතුරු නිදහස් දිනය ලෙස නම් කළ හැකි බවද ජනමාධ්‍ය අමාත්‍යංශය කියා සිටියා.