Monday, December 23, 2024

General line - 0115112241

ඇමති දොස්තරලාට දොස් කියයි




රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (03) සිදු කළ වැඩ වර්ජනය කිසිසේත් අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මුවා වී ඇතැම් පිරිස් ආණ්ඩුව පෙරළා දැමිමට උත්සාහ කරන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටත්, ඊට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන ශිෂ්‍යන්ට කෙරෙන පහර දීම්වලටත් විරෝධය පළ කරමින් තවදුරටත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. සිදුවන අසාධාරණයන් නිවැරදි කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවයි ඔවුන් අවධාරණය කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිය වැඩ වර්ජනය සිදු කළේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වාවයි. මේ නිසා රට පුරා රෝහල් බොහෝමයක කටයුතු අඩාල වි තිබුණා.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයකදී අද උද්ඝෝෂණද සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අනුරාධපුරයේදි උද්ඝෝෂණයක නිරත වුණා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය උද්ඝෝෂණයක් සිදු කළේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදියී.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කෙරුණේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ වෛද්‍ය සිසුන්ට ඊයේ එල්ල වූ ප‍්‍රහාරය හෙළාදකින බවයි.

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සහ ඊට එරෙහි උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, එම උද්ඝෝෂණ බොහෝමයක් දේශපාලන උවමනාවන් අනුව සිදුවන්නක් බවට ද චෝදනා කරමින්.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ප‍්‍රදේශ කිහිපයකදී අද උද්ඝෝෂණද සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අනුරාධපුරයේදි උද්ඝෝෂණයක නිරත වුණා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය උද්ඝෝෂණයක් සිදු කළේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීයි.