Friday, September 20, 2024

General line - 0115112241

නිදහස් සැමරුමට ගාලූමුවදොර සූදානම්




69වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ප‍්‍රධාන සැමරුම් උත්සවය කොළඹ ගාලූමුවදොර පිටියේදී අද පැවැත්වෙනවා.

මෙම උත්සවය නැරඹීම සඳහා මහජනතාව ද අවස්ථාව ලබාදෙන බව අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළා.

ප‍්‍රධාන උත්සවයට සමගාමීව දිස්ත‍්‍රික් මට්ටමින් සහ විදේශීය රටවල ද සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. සියලූ නිවෙස්වල, ආයතනවල සහ වාහනවල ජාතික ධජය ද ඔසවා තබන ලෙස නැවත ඉල්ලීමක් ද කෙරෙන බවයි ස්වදෙශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.

69වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබෙනවා. බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරෙන්නේ පොල්වත්ත ධර්ම කීර්තියාරාම විහාරස්ථානයේදීයි.

හින්දු ආගමික වතාවත් කොළඹ 13 ශ‍්‍රී පොන්නම්බලම් වානේෂ්වර කෝවිලේදී ද, ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 12 මහ පල්ලියේදී ද සිදුකෙරෙනු ඇති.

කතෝලික ආගමික මෙහෙය පැවැත්වෙන්නේ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදීයි.

ක‍්‍රිස්තියානි ආගමික මෙහෙය බොරැල්ල ශාන්ත ලූක් දේවස්ථානයේදී සිදුකෙරෙනවා.