Friday, September 20, 2024

General line - 0115112241

දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් ඔවදනක්




රට ගොඩනැගීමේදී දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අවංකව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවයා ඒ බව පැවසුවේ අද පැවති 69වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රධාන උත්සවයේදීයි.

දේශපාලන ස්ථාවරය සහ සමාජ සංවර්ධනය සඳහා වාර්ගික සංහිඳියාවේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

නිදහස දිනා ගැනීම සඳහා දිවි කැප කර අරගල කළ සියලූදෙනා ද නිදහසෙන් පසු වසර 30කට වැඩි කාලයක් පැවති යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ සියලූදෙනා ද අද දිනයේ ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.