Friday, September 20, 2024

General line - 0115112241

මහින්දත් නෑ සම්බන්ධනුත් නෑ සැමරීමට තරම් නිදහසක් නෑ




කොළඹ ගාලූමුවදොර පිටියේ අද පැවති 69වන ජාතික නිදහස් දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සහභාගි වී සිටියේ නැහැ.

නෙත් නිවුස් ඒ පිළිබද කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම කියා සිටියේ සැමරීමට තරම් සැබෑ නිදහසක් රට තුළ දැන් නොමැති බවයි.

අද පැවති ජාතික නිදහස් දින සැමරුමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද සහභාගි වී නොසිටි බව මෙහිදී සිහිපත් කෙරුණා.

එය ද කුතුහලයට කරුණක් බවයි දිලූම් අමුණුගම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.